ඌව පළාතේ, බදුල්ල දිස්ත‍්‍රික්කයේ, හාලිඇල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, කටුගහ ගම් පියසෙහි බ/ මලිත්ත මධ්‍ය මහා විද්‍යාලය පිහිටා ඇත.
ආරම්භක වකවානු පිළිබද පැහැදිලි ලේඛනයක් දක්වා නොමැති වුවත් යටත් විජිත යුගයේ දී බිහි වුණු මෙම පාසල 1930 දශකයේ හෝ 1920 දශකයේ දී ආරම්භ වන්නට ඇතැයි උපකල්පනය කල හැක.
කෙසේ වුවත් විද්‍යාලය 1932 දී පමණ තිබෙන්නට ඇතැයි සැලකෙන ආකාරයේ ඡායාරූපයක් අප සතුව පවතී.
ඉංග‍්‍රීසි පාලන යුගයේ දී වංශවත් වූ ප‍්‍රභූ පවුල්වල සාමාජිකයින් එක්ව මෙහි ආරම්භය සනිටුහන් කරන බවට සාක්ෂි ඡායාරූපයක් ද පවති.
මෙහි ලේඛන ගත ආරම්භය ලෙස 1934 නොවැම්බර් 15 සදහන් වේ.
දැනට ප‍්‍රතිභා ශාලාව වශයෙන් ඇති ශාලාව එදින විවෘත කර ඇති අතර, ඉංග‍්‍රීසි යුගයේ දී ආරම්භ වී ඇත්තේ ස්වභාෂා මිශ‍්‍ර පාසලක් ලෙසිනි. ආරම්භක ළමුන් සංඛ්‍යාව 124 කි. 1934-11-19 දිනට ළමුන් 148 දෙනෙකි. මුල් ගුරුවරයා බවට පත් වී ඇත්තේ ඩී. පී. හෙට්ටිආරච්චි මහතාය.
මෙහි ඓතිහාසික සිදුවීම් කිහිපයක් මෙසේ සටහන් තැබිය හැක.විද්‍යාලයේ ආරම්භක ප‍්‍රභූවරුන් රැසක් සිටියද මූලිකත්වය ගෙන ඇත්තේ එවකට ගම්මුලාදෑනි වූ කේ. බී. කටුගහ මහතායි. එයට අමතරව අවට පාසල්වල සහාය ද මෙහි ආරම්භයට දායක වූ බව ලේඛන මගින් සනාථ වෙයි.
සෑම රජයක් යටතේම මෙම විද්‍යාලය සංවර්ධනය වී ඇති අතර ප‍්‍රදේශයේ සුවිශේෂී වූ අධ්‍යාපනික මධ්‍යස්ථානයක් බවට පරිවර්තනය වී ඇත.
යටත් විජිත පාලන සමයේ ස්වභාෂා මිශ‍්‍ර පාඨශාලාවක් ලෙස ඇරඹි මෙම විද්‍යාලය ගරු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ සමගි පෙරමුණ රාජ්‍ය සමයේ මහා විිද්‍යාලයක් බවට ද, ගරු ජේ. ආර්. ජයව ර් ධන ජනාධිිපතිතුමා සමයේ මහා අමාත්‍ය පර් සි සමරවීර මහතාගේ සහායෙන් මධ්‍ය මහා විද්‍යාලයක් බවට ද, ගරු චන්ද්‍රිකා බණ්ඩාරනායක ජනාධිිපතිතුමියගේ පාලන සමයේ SDS ව්‍යාපෘතිය යටතේ නවෝද්‍යා විද්‍යාලයක් බවට ද ගරු මහින්ද රාජපක්ෂ ජනාධිපති පාලන සමයේ දී දහසක් පාසල් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියට යටත්ව තාක්ෂණික විෂය ධාරාව සහිත ද්විතීයික පාසලක් බවට පත් විය.
පසුගිය රජය යටතේ ළගම පාසල හා හොදම පාසල ව්‍යාපෘතිය යටතේ සංවර්ධනය කරන ලද මෙම පාසල සනීපාරක්ෂක පහසුකම් හා භෞතික සම්පත් ආදියෙන් පෝෂණය ලබයි. කලා විෂය ධාරාවෙන් පමණක් යුක්ත වූ මෙම විද්‍යාලය වාණිජ, විද්‍යා, ගණිත, තාක්ෂණික යන අංශ වලින් පෝෂණය වෙමින් 1A තත්වයේ සිට 1AB පාසලක් දක්වා උසස් වීම ද විද්‍යාලය ලැබූ ඓතිහාසික ජයග‍්‍රහණයකි.
පාසල් 1000ක් ජාතික පාසල් ලෙස සංවර්ධනය කිරිමේ වැඩසටහන සටතේ බ/මලිත්ත මධ්‍ය මහා විද්‍යාලය 2021 වර්ෂයේ දි ජාතික පාසලක් ලෙස සංවර්ධනය කිරිමට අධ්‍යාපන අමත්‍යංශයේ අනුමැතිය ලැබිණි.
මේ වන විට විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය 55ක් වන අතර, අනධ්‍යන කාර්ය මණ්ඩලය 06කින් සමන්විතය. හත්සියයයක් පමණ වූ සිසු දරුවන්ගේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීම සදහා එම කාර්ය මණ්ඩලය නිරන්තරව ඇප කැප වී සිටී. "ගුණාත්මක අධ්‍යාපනයෙන් ප්‍රමුඛත්වයට" යන දැක්ම අනුව යමින් සිසු දරු දැරියන්ගේ කුසලතා ඔප දමමින් ඔවුන්ගේ විභව්‍යතා මතු කරලීම අප පාසලෙහි අපේක්ෂාව වන්නේය.
|
ආරම්භ කළ වර්ෂය |
1934 නොවැම්බර් 15 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
04 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
124 |
|
මුල් ගුරුතුමාගේ නම |
ඩී. පී. හෙට්ටිආරච්චි මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
මලිත්ත මධ්‍ය මහා විද්‍යාලයක |
|
පාසල භාරව කටයුතු කිරීම |
ගම්මුලාදෑනි කේ. බී. කටුගහ මහතා |
|
පාසල පැවැත්වූ ස්ථානය |
මලිත්ත මධ්‍ය මහා විද්‍යාලයීය ප‍්‍රතිභා ශාලාව |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
සඳහන් නොවේ. |
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
සඳහන් නොවේ. |
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1932 දී පමණ |