පාසලේ අනන්‍යතාවය, පිළිවෙල හා සාමුහිකත්වය ඔප්නංවන ප්‍රධාන අංගය නිළ ඇදුමයි. නිල ඇදුම භාවිතා කිරීමේදී පහත දැක්වෙන නීති රීති අනුගමනය කිරීම අනිවාර්ය වේ.
පිරිමි ළමුන් (6-9)
- කොන්ඩය කොටට කපා පැත්තට පීරිය යුතුය. (පැත්තේ කොටස කොණ්ඩය දිග අඟල් 1/2)
හිස මුදුන කොටස කොණ්ඩය දිග අඟල් 2කි.
හිස පැත්තේ කොටස හා මුදුන කොටස වෙන් වෙන් වශයෙන් පෙනෙන සේ නොතිබිය යුතුය.
- අත්කොට සුදු කමිසය 6-9 සෑම සිසුවෙක්ම ඇඳිය යුතු අතර කමිසයේ අත වැලමිටෙන් අඟලක් ඉහලට තිබිය යුතුය.
- කමිස සාක්කුවේ දකුණු කෙළවර උඩ විද්‍යාලයීය නිල ලාංඡනය ස්ථිර ලෙස මසා තිබිය යුතුය.කටු ගැසීම හෝ අලවා තැබීම නොතළ යුතුය.
- ලේස් දමා ගැට ගැසිය හැකි කළු පාවහන් පමණක් පිරිමි දරුවන් පැලඳිය යුතුය.
කළු මේස් පමණක් පැලඳිය යුතුය.
කළු සපත්තුවට වෙනස් කිසිදු වර්ණ පළඳනාවක් ලෝහ ලාංඡන හා ගාංචු නොතිබිය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

පිරිමි ළමුන් (10-13)
- කොණ්ඩය පැත්තකින් බෙදා පීරා මනාව සකසා ගත යුතුය. (කෙස්වල දිග 3 cm පමණ විය යුතුය)
විවිධාකාර මෝස්තර වලට කොණ්ඩය හා රැවුල කැපීම නොකල යුතුය.
කොණ්ඩය පීරීමට හැකිවන සේ කොටට කපා පැත්තට පීරා තිබිය යුතුය.
හිසකෙස් නළලට නොවැටෙන සේ කොටට කැපිය යුතු අතර කන දෙපස හිසකෙස් (සයිඩි බම්ස්) කනේ හරි මැදට වඩා දික් නොවිය යුතුය.
හිස පිරීම සඳහා තෙල් ගැල්විය හැකි අතර එයට ප්‍රමාණයට වඩා නොගැල්විය යුතුය.
- 10-13 සෑම පිරිමි දරුවෙක්ම අත්දිග සුදු කමිසය ඇඳිය යුතුය.
කමිස සාක්කුවේ දකුණු කෙළවර උඩ විද්‍යාලයීය නිල ලාංඡනය ස්ථිර ලෙස මසා තිබිය යුතුය.කටු ගැසීම ,අලවා තැබීම නොතළ යුතුය.
අනවශ්‍ය ලෙස විශාල (බැගී)නොවිය යුතුය.
- දිග කලිසම් ඇඳිය හැක්කේ 10 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා සිසුන්ට පමණි.
කලිසමේ වාටිය (පෝල්ට්) අඟල් 16 ක් විය යුතුය.
උස අන්ව හය වෙනස්වීම අවමය අඟල් 18 ක් විය යුතුය.
කලිසමේ පිටුපස එක් සාක්කුවක් පමණක් තිබිය යුතුය.
කලිසමේ බෑන්ඩ් එක අඟල් 5 කට නොවැඩි විය යුතු අතර ලූප්ස් නොදැමිය යුතුය.
- ලේස් දමා ගැට ගැසිය හැකි කළු පාවහන් පමණක් පිරිමි දරුවන් පැලඳිය යුතුය.
කළු මේස් පමණක් පැලඳිය යුතුය.
කළු සපත්තුවට වෙනස් කිසිදු වර්ණ පළඳනාවක් ලෝහ ලාංඡන හා ගාංචු නොතිබිය යුතුය.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.

ගැහැණු ළමුන් (6-13)
-
දිග කොණ්ඩය මැදින් බෙදා කරල් දෙකට ගෙතිය යුතුය. පහල කෙලවරින් නවා කළුපාට රිබන් පටිවලින් ගැට ගැසිය යුතුය.
කොණ්ඩය ඉදිරිපසින් කොටට කපා අක්‍රමවත්ව අවුල් කර තිබීම නොකළ යුතුය.
කුඩා කොට කොණ්ඩ ක්‍රමවත්ව කපා පැත්තකින් බෙදා තිබිය යුතුය.
අවශ්‍ය නම් කළුලුපාට කොණ්ඩා කටු භාවිතා කළ හැකිය.
කොණ්ඩය කපන සිසුවියන් ගවුම් කොළරයේ නොගෑවෙන සේ කොණ්ඩය කපා තිබිය යුතුය.
නැතහොත් කුඩා පෝනිටේල් දෙකක් සිටින සේ කළු රිබන් පටිවලින් ගැට ගැසිය යුතුය.( වර්ණවත් කොණ්ඩා කටු බෑන්ඩ් වර්ග ආදිය දැමීම නොකළ යුතුය.)
- කුඩා කරාඹු දෙකක් හැර වෙනත් ආභරණ පැළඳීමට ඉඩ නොලැබේ.
විවිධ හැඩ ඇති කොකු කරාඹු පැලඳිය නොහැක.
- නියමිත පරිදි කර වැසෙන සේ කොලරය යොදා තිබිය යුතුය.
එහි පළල පිටුපසට නැමූ විට අඟල් 1, 1 ½ විය යුතුය.
- ඉදිරිපස විවරය අඟල් හතරක් විය යුතුය. විවරය ටික් අල්ලා පියවීම කළ යුතුය.
- ගවුමේ අත වැලමිටේ සිට අඟල් 4 ක් පමණ ඉහළින් තිබිය යුතුය.
අතේ වාටිය පිටතට නවා මැසීම නොකළ යුතුය.
ගවුම් අතෙහි උරහිස මත රැළි නොතැබිය යුතුය.
අත්කට ලිහිල් නොවිය යුතුය.
ආසන්න වශයෙන් අතේ වාටිය අඟල් 3/4 ක් විය යුතුය. - ටයි පටිය ගැට ගැසූ පසු ඉනේ සිට අඟල් ¾ ක් විය යුතුය. ටයි පටිය ගැට ගැසූ පසු ඉනේ සිට අඟල් 5 ක් පහළට එහි තුළ පිහිටිය යුතුය.
ටයිපටියේ ඉතිරි කොටස එහාමෙහා නොයනසේ කුඩා කටුවකින් යට පටියේ දිග කොටසට සවිකර තිබිය යුතුය.
- ඉණ නිවැරදි ස්ථානයේ පිහිටිය යුතු අතර දළ වශයෙන් අත දිගහැරිය විට අතේ ඉදිරි දාරය තෙක් විය යුතුය.
ඉන පටිය අඟල් 1 ½ පළල විය යුතුය .ඒ පිටුපසින් ගවුමට සම්බන්ධ කොට ලිහිල්ව නොසිටන අයුරින් එක් අල්ලා පියවීම කළ යුතුය.
අතේ ඉදිරිපස නැමුම් දාරය ආසන්න වශයෙන් ඉණ පටියේ මැද හා සමපාත විය යුතුය.
ඉණ පටිය ඉනේ වට ප්‍රමාණයට සරිලන දිගින් පමණක් විය යුතුය.
අඟල් 1ක රැලි යොදා තිබිය යුතුය.
- හිට ගත්විට ගවුමේ උස දණහිස සම්පූර්ණයෙන් වැසෙන සේ විය යුතුය.
ගවුමේ වාටිය පළල ආසන්නව වශයෙන් අඟල් 2 ½ විය යුතුය
- කළු සපත්තු සමඟ සුදු මේස් පැළඳිය යුතුය.
උස අඩි සහිත විසිතුරු පාවහන් පැළඳීමට ඉඩ දෙනු නොලැබේ.
තුවාලයක් ඇති විට දී පමණක් කලුපාට පිරිසිදු රබර් සෙරෙප්පු පැලඳීමට ඉඩ දෙනු ලැබේ.
නිල ඇඳුම සඳහා අත් ඔර්ලෝසු පැළඳීම සපුරා තහනම් වේ.
