නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය
බ/මලිත්ත මධ්‍ය මහා විද්‍යාලය

නවෝද්‍යා පාසල් වැඩසටහන, ලෝක බැංකු අධ්‍යාපන සංවර්ධන නවීකරණ වැඩසටහන, ද්විතීක පාසල් දහස සංවර්ධනය නවීකරණ වැඩසටහන, ළඟම පාසල හොඳම පාසල සංවර්ධන වැඩසටහන හා දහසක් පාසල් ජාතික පාසල් බවට පත්කිරීමේ වැඩසටහන ආදී විශේෂ වැඩසටහන් මගින් බ/මලිත්ත මධ්‍ය මහා විද්‍යාලය සුවිශේෂී අධ්‍යාපන සංවර්ධන පරිවර්තනයන් වර්තමානයේ දී අත්පත් කර ගනිමින් සිටී.
සිසුන් පත පොතින් දැනුම ලබා ගනිමින් විභාග ජයග්‍රහණ අත්පත් කර ගැනීම මෙන, විවිධ විෂය බාහිර හා විෂය සමගාමී වැඩසටහන් පාසල තුල ක්‍රියාත්මක කිරීම තුළින් බහුවිධ බුද්ධියක් සහිත විශිෂ්ටයන් බවට පත්කිරීමේ අධ්‍යාපන සංවර්ධන උපාය මාර්ග සංවර්ධනය කිරීමේ දී තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය හා සබැදි අධ්‍යාපන සංවර්ධණ පරිවර්තනයන් සිදු කිරීම වර්තමානයේ අත්‍යවශ්‍ය අංගයක් බවට පත්ව ඇත. මේ සදහා පාසලේ නිල වෙබ් අඩවිය සුවිශේෂී කාර්යභාරයක් ඉටුකරනු ඇතැයි මා විශ්වාස කරමි.
බ/මලිත්ත මධ්‍ය මහා විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශ්වකරුවන් සමග අදහස් හුවමාරුවේ දී හා තොරතුරු හුවමාරුවේ දී පාසල් වෙබ් අඩවිය මහගු පිටිවහලක් වනු ඇත. දිගු කාලයක සිට පාසලට අඩුපාඩුවක්ව පැවති “පාසල් වෙබ් අඩවිය” නිර්මාණය කිරීමේ කාර්තව්‍යය සාර්ථක කර ගැනීමට ඇප කැප වූ පාසලේ පරිගණක විද්‍යා අංශයට හා නන් අයුරින් සහයෝගය දුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර පාසලේ දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින දියුණු වී පාසලේ දැක්ම යථාර්ථයක් බවට පත් වේවා යි ප්‍රාර්ථනා කරමි.
අරුණ ඉන්දික සමරණායක,
නියෝජ්‍ය විදුහල්‍පති,
බ/මලිත්ත මධ්‍ය මහා විද්‍යාලය.