- පාසල් පැවැත්වෙන දිනයන්හි පෙ.ව.6.45 සිට පෙ.ව. 7.15 වන විට පාසලට පැමිණීම.
- උදෑසන පන්ති කාමරය අවට පරිසරය පෙ.ව.7.20 වන විට පිරිසුදු කර අවසන් කිරීම.
- උදෑසන රැස්වීම පැවැත්වෙන දිනයන්හි පේලියට නිශ්ශබ්දතාවයෙන් යුතුව පන්තියේ සිට ආචාරශීලී දරු පිරිසක් ලෙස ඊට එක්වීම.
- පාසලට ප්‍රවේශ වන ප්‍රධාන දොරටුවෙන් පමණක් උදෑසන පාසලට ඇතුළු විය යුතුය .
- ඔබ ගේට්ටුවේදී පරීක්ෂාවේ නිරත ශිෂ්‍ය නායක නායිකාවන්ට තම පොත් බෑගය පරික්ෂා කිරීමට ඉඩදිය යුතුය.
- ශිෂ්‍ය වාර්තා පොත දිනපතාම පාසල් පැමිණෙන විට රැගෙන ආ යුතුය.
- ප්‍රමාද වී පැමිණීම්වලට ලක්වන ඔබ අධීක්ෂකයන් විසින් ශිෂ්‍යවාර්තා පොතේ සටහන් කිරීමටත් සුදුසු අවස්ථාවේ විනය ක්‍රියාමාර්ගයන්ට යොමු කිරීමටත් බැඳී සිටිනු ඇත.
- පොත් බෑගය තුළ සහ ඔබ සතුව පැවතිය හැක්කේ අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය පොත් හා ගුරුභවතුන් උපදෙස් දී ඇති අත්‍යවශ්‍ය උපකරණ පමණි .
- ඉහත කී අත්‍යවශ්‍ය දේ හැර අන් සියලුම දේ ගේට්ටු පරික්ෂා කරනු ලබන ශිෂ්‍ය නායක නායිකාවන් විසින් හා අධීක්ෂණ ගුරුභවතුන් විසින් රඳවා තබාගනු ලැබේ.
- මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම් හෝ විරෝධතා දැක්වීම කිසිදු සිසුවෙකුට හෝ ගුරුභවතෙකුට මෙන්ම දෙමාපියන්ට භාරකරුවන්ට හිමිකම් නොමැත.
- අංග සම්පූර්ණ නිල ඇඳුම.මෙහි මතුතැනෙක කියවෙන විස්තර කිරීම්ට අනුකූලව මණක් නිල ඇඳුම භාවිතා කළ යුතු වේ. එහිදී පිරිමි ළමයෙකු කලිසම, කමිසය, සපත්තු පැලඳීම, කොණ්ඩය කැපීම, රැවුල කැපීම, ගැහැනු දරුවෙකු නම් ගවුම් කොළරය ,ඉදිරිපස ඉණ ඉණ පටිය, ගවුමේ උස සහ සපත්තු පැලඳීම, කොන්ඩ කැපීම හා පීරිම, නියපොතු, ඇස් බැම, කරාඹු මේස් සපත්තු මතු දක්වා ඇති පරිදි සිදු නොවුනහොත් ගේට්ටුවෙන් හරවා යැවීමට ක්‍රියා කරනු ඇත .
- සියලුම සිසු දරුවන් නිවසින් ආහාර සඳහා ගෙන ආ යුත්තේ බත් හෝ ධාන්‍ය වර්ගයක් පමණි. එය ද කෑම පෙට්ටියක්ම විය යුතුය.
- පාසල් බෑගය තුළ කෑම පැකට් හෝ පොලිතින් කොළ හා පරිසරය නසන කිසිදු අපද්‍රව්‍ය රැගෙන නොආයුතුය.
- ආපනශාලාවෙන් මිලදී ගත යුත්තේද එවන් ආහාර වේලකි. එයද ලබාගත් යුත්තේ කෑම පෙට්ටියට පමණි.
- කෑම රැගෙන ඒම සඳහා කෑම පෙට්ටියක් භාවිතා කළ යුතුය. කිසිසේත්ම කෑම ඔතන කොළ ඒ තුළ තිබිය නොහැක
- පැණි රස සහිත ටොපි වර්ග හෝ අනෙකුත් අධික පැණි රස කෑම හෝ බීම වර්ග පාසල් ආපන ශාලාවේ නොමැත. පිටතින් ගෙන ඒම තහනම්ය.
- විදුහල පවත්වන වේලාවේ කිසිම ළමයෙකුට විදුහල්පතිතුමාගේ අවසරය ද පන්තිභාර ගුරුවරයාගේ අනුදැනුම ද නොමැතිව විදුහලෙන් පිටවිය නොහැක.
- කිසියම් දරුවකු නියමිත පාසල් කාලය අවසන් වීමට පෙර පාසලෙන් ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් මව/ පියා /භාරකරුවා පැමිණිය යුතුය.
- Home
- අපේ පාසල ගැන
- නීති හා රෙගුලාසි