
කටුගහ ගම් පියසෙහි පිහිටා ඇති බ/ මලිත්ත මධ්‍ය මහා විද්‍යාලයේ ආරම්භක වකවානු පිළිබද පැහැදිලි ලේඛනයක් දක්වා නොමැති වුවත් යටත් විජිත යුගයේ දී බිහි වුණු මෙම පාසල 1930 දශකයේ හෝ 1920 දශකයේ දී ආරම්භ වන්නට ඇතැයි උපකල්පනය කල හැක.
කෙසේ වුවත් විද්‍යාලය 1932 දී පමණ තිබෙන්නට ඇතැයි සැලකෙන ආකාරයේ ඡායාරූපයක් අප සතුව පවතී.
ඉංග‍්‍රීසි පාලන යුගයේ දී වංශවත් වූ ප‍්‍රභූ පවුල්වල සාමාජිකයින් එක්ව මෙහි ආරම්භය සනිටුහන් කරන බවට සාක්ෂි ඡායාරූපයක් ද පවති.
මෙහි ලේඛන ගත ආරම්භය ලෙස 1934 නොවැම්බර් 15 සදහන් වේ.
දැනට ප‍්‍රතිභා ශාලාව වශයෙන් ඇති ශාලාව එදින විවෘත කර ඇති අතර, ඉංග‍්‍රීසි යුගයේ දී ආරම්භ වී ඇත්තේ ස්වභාෂා මිශ‍්‍ර පාසලක් ලෙසිනි. ආරම්භක ළමුන් සංඛ්‍යාව 124 කි. 1934-11-19 දිනට ළමුන් 148 දෙනෙකි. මුල් ගුරුවරයා බවට පත් වී ඇත්තේ ඩී. පී. හෙට්ටිආරච්චි මහතාය.
මෙහි ඓතිහාසික සිදුවීම් කිහිපයක් මෙසේ සටහන් තැබිය හැක.විද්‍යාලයේ ආරම්භක ප‍්‍රභූවරුන් රැසක් සිටියද මූලිකත්වය ගෙන ඇත්තේ එවකට ගම්මුලාදෑනි වූ කේ. බී. කටුගහ මහතායි. එයට අමතරව අවට පාසල්වල සහාය ද මෙහි ආරම්භයට දායක වූ බව ලේඛන මගින් සනාථ වෙයි.
පහත දැක්වෙන්නේ පාසල විවෘත කළ දින හා පසු දිනෙක ලොග් පොතෙහි සටහන් දෙකකි.
![]() |
![]() |

