අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයේ මලිත්ත නම් සුන්දර ගම් පියසෙහි පිහිටා ඇති මලිත්ත මධ්‍ය මහා විද්‍යාලය ගුණ නුවණින් පිරි පුර වැසියන් දහස් ගණනක් රට දැයට දායාද කරන ප්‍රදේශයේ කීර්තිමත් පාසලකි. 6 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පවතින මෙම පාසලෙහි උසස් පෙළ කලා, වාණිජ, විද්‍යා හා තාක්ෂණ යන අංශ හතරම ක්‍රියාත්මක වන පාසලකි. ප්‍රදේශයේ ඇති පැරණිතම පාසල් වලින් එකක් වන මලිත්ත මධ්‍ය මහා විද්‍යාලය ගෘහ විද්‍යා ඒකකය, මාධ්‍ය ඒකකය, සාමාන්‍ය පෙළ හා උසස් පෙළ විද්‍යාගාර, සංගීත ඒකකය, නර්තන ඒකකය, තාක්ෂණික විද්‍යාගාරය, තාක්ෂණික පීඨය යන ගොඩනැගිලි වලින්ද සියළු විෂය ප්‍රායෝගික ක්‍රියාකාරකම් වලින් ද සමන්විත වෙයි. අ. පො. ස. සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ ජාතික මට්ටම අභිබවා යන ප්‍රතිඵලයක් අත් කර දීමද පාසලේ සුවිශේෂත්වයකි.







