2022 වර්ශයේ ඔක්තෝබර් 06 වන දිනට යෙදී තිබුනු ලෝක ගුරු දිනය ඉතා උත්කර්ශවත් අන්දමට ඔක්තෝබර් 06 දිනය පුරා බ/මලිත්ත මධ්‍ය මහා විද්‍යායේ ප්‍රධාන ශාලාව තුල පැවැත්වුනි.
මෙහිදී ශිෂ්‍ය නායක මණඩලය ඇතුලු ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ සහයෝගයෙන් මෙදින සංවිධානය විය.මෙහි දී,
- පාසලේ සිසුන් විවිධ විවිධ නර්ථන අංග, ගීත,නාට්‍ය වැනි දෑ සිදු කරමින් පාසලේ ගුරුමෑණිවරුන් හා ගුරුපියවරුන් ප්‍රීතිමත් කළෝය.
- එදින මෙම උත්සව සභාවේ දී පාසලේ සියලුම ගුරුමෑණිවරුන්ට හා ගුරුපියවරුන්ට උපහාර ත්‍යාග පිරිනැමීමක්ද සිදු විය.
- ශිෂ්‍ය නායක මණඩලයේ අනුග්‍රහයෙන් ඔක්තෝබර් 06 වන දින පාසලේ සියලුම ගුරුමෑණිවරුන්ට හා ගුරුපියවරුන්ට තේ පැන් සංග්‍රහයක් සංවිධානය කරන ලදී.
මේ අයුරින් ඔක්තෝබර් 06 වන දිනට යෙදී තිබුනු ලෝක ගුරු දිනය ඉතා උත්කර්ශවත් අන්දමට පවත්වන ලදී.